Sathipattana Retreat Centre

සතිපට්ඨාන භාවනා මධ්‍යස්ථානය

කළණ වැටේ රැකවරණය සලසා දීම අරමුණු කර ඔබ වෙනුවෙන් සැකසෙන නිවනට හිත පිහිටුවන සතිපට්ඨානඝරයයි.

“ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ, සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඤායස්ස අධිගමාය නිබ්බාණස්ස සච්ඡිකිරියා යදිදං චත්තාරෝ සතිපට්ඨානා”

 “සතුන් ගේ වීසුදු බව සඳහා ද,  සෝ වැලපුම් සංසිඳීම සඳහා ද, දුක් දොම්නස් පහ වීම සඳහා ද, නුවණ වැවීම සඳහා ද නිවන පසක් කිරීම හෙවත් ඒ අත්දැකීම සඳහා ද මේ සිහිය  පිහිටවීම උසස්තම මඟ වන්නේ බව බුදුපියාණන් විසින් දේශිතය.”

වැඩිදුර කියවීමට

සතර සතිපට්ඨානය සෑම බෞද්ධයෙකු විසින් ම මනාවට වටහා ගනිමින් මනාවට සිත් සතන්හි තැන්පත් කරගෙන එසේම මනාව පුරුදු පුහුණු කළ යුතු උතුම්ම ධර්ම මාර්ගයයි.

නිවැරදි දැක්මක් ඇත්තහුට සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් නෛර්යාණික ශ්‍රී සද්ධර්මය ශ්‍රී ලංකාවේ ඉතා පිරිසිදු ව පවතින බව නොරහසකි. මේ මහා නිධානය පොතට පමණක් සීමා නොකර කර්ම වශයෙන්, යෝග වශයෙන්, භාවනා වශයෙන් මෙන්ම මනසිකාර වශයෙන් නිවැරදිව පුරුදු පුහුණු කිරීමෙන් මගඵල සාක්‍ෂාත් කර ගත යුතු දෙයකි.

නිවැරදි මගපෙන්වීමකින් සහසම්බන්ධ වන ලක්වාසී ලෝකවාසී බොහෝ දෙනා මේ සත්ධර්මය මනා කොට උගනිති. එහෙත් ලොව එය ප්‍රායෝගිකව අභ්‍යාස කිරීමක් ඔවුන් අතර දක්නට නොමැත. එමනිසා මේ අවාසනාවන්ත තත්ත්වයෙන් ඈත් වී උතුම් වූ මානසික අභිවෘද්ධිය ලබන්නට ධර්මය ප්‍රායෝගික ක්‍රියා මාර්ගයක් බවට පසක් කරවන්නට සතිපට්ඨානය නිසි ලෙස හැදෑරීමටත්, භාවනා යෝග වැඩීමටත් පසුබිමක් පසුතලයක් තුලින් මෙලොව, පරලොව සහ නිවන යන තුන් අභිවෘද්ධිය ම ලබන්නට උතුම් අරි අටමග පූර්ණය කිරීමට අවශ්‍ය නිසි පසුබිම පසු තලය මෙන්ම කළණ වැටේ රැකවරණය සලසා දීම අරමුණු කර ඔබ වෙනුවෙන් සැකසෙන නිවනට හිත පිහිටුවන සතිපට්ඨානඝරයයි.

සතිපට්ඨානඝරයට පැමිණෙන ඔබට නිවනට අරමුණුවන ලෙස කාය සංකාර, වචී සංකාර සහ මනෝ සංකාර මෙහෙයවීම ප්‍රායෝගිකව අත්විඳින්නට හැකිවෙනවා නොඅනුමානය. භාවිතව බහුලීකෘතව තමා තුලින් දකින්නට, සවනට සීමා නොවන්නට, දැනුමක් ලෙස රඳවා නොගන්නට, නිවන් මගට හුරුවූ විශ්වාසවන්ත මනසක් ගොඩනගන්නට සිව් දිගින් පැමිණෙන භික්‍ෂු-භික්‍ෂුණී, උපාසක-උපාසිකා යන සිව්වනක් පිරිසට උපනිශ්‍රය ප්‍රත්‍ය පරිසරය සතිපට්ඨානඝරය තුලින් නොඅඩුව සැකසේවායි අපි ප්‍රාර්ථනා කරමු.

සියළු සත්ත්වයෝ නිවනින් නිවී සැනසෙත්වා ….!!!

සතිපට්ඨාන භාවනා මධ්‍යස්ථානයේ අරමුණු

මෙහි පැවැත්වීමට නියමිත වැඩසටහන් පිළිබඳව

පහසුකම්

පිහිටීම සහ පරිසරය

මහනුවර සිට කිලෝමීටර් 30ක් පමණ රාගල නුවරඑළිය මාර්ගයෙහි හමු වන අතීතයේ මහ සඟරුවන කෙතක් සේ වැඩවිසූ සඟරුවන් කෙත හෙවත් හඟුරන්කෙත ප්‍රාදේශික ට අයත් රිකිල්ලගස්කඩ නගරය මැදින් පිහිටා ඇති දිඹුල්කුඹුර මාර්ගයෙහි, දිඹුල්කුඹුර ගම්මානයට පිවිසුමෙහි ඇති බස්ටියා වත්ත හන්දියෙන් වමට හැරී විල්පස්ස වැව පාර මීටර් 400 පමණ ගමන් කිරීමෙන් දකුණින් පහලට සතිපට්ඨානඝරය පිහිටා ඇත.

නව ධර්මශාලා මන්දිරය ඉදිකිරීමේ මහා පුණ්‍යකර්මය

අවබෝධයෙන් යුතුව අරි අට මග වැඩීමට අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් සලසා දීම උතුම් පිංකමකි

එසේම උඩින් යටින් වටින් සියලු රැකවරණයන් සිව්වනක් පිරිස උදෙසා සලසමින් මහා අනුත්තර පිංකෙත අස්සද්දන්නේ නම් සියලු උපනිශ්‍රය සම්පත් ඔවුන්ට ලැබෙනවා යන්න දේශනා කර ඇත.

“යෝච සබ්බ දදෝ හෝති – යෝ දදාති උපස්සයං”

තව තවත් විමසීමට අප බොදුනු අතීතයේ නටඹුන් දෙස හැරී බලමු. ඔබට පෙනේවි, අතීත බොදුනුවෝ තම ජීවිකා වේ පැවැත්මට අවශ්‍ය පහසුකම් අවශ්‍ය ප්‍රමාණයට සලසා ගෙන, ඒවා ආයු කාලයේ පැවැත්මට ගොඩනගා ඇතිබවත්, ඉතිරියෙන් සැමවිටම කාලය ශ්‍රමය ධනය නොඅඩුව අනුත්තර මහා පිංකෙත පළමු කොට අස්වද්දා ඇති බවත් මනාවට පසක් වෙයි. හෙල බොදුනුවන්ගේ ගෙවල් දොරවල්  පරිහරණය කල දේවල් වල නටඹුන් හසු නොවන තරමටම ශාසනයේ චිර පැවැත්ම මෙන්ම එහි වටිනාකම මනාවට දැන හැඳින ගෙන ඇත.

එමනිසා ඔවුන් වෙහෙර විහාර බණ භාවනා මධ්‍යස්ථානයන් බොහොමයක්, චිරාත් කාලයක් පැවතීමේ වටිනාකම වටහාගෙන ගොඩනැගූ නිසා, වසර දහස් ගණන් ගියද ඒවා හඳුනාගැනීමට හැකිවන ලෙස නටඹුන් ඉතිරි වී තිබීම ඔවුන්ගේ අවබෝධාත්මක කැපවීම මනාව පෙන්වා දෙයි.

එයින් ඔවුන්ට මෙන්ම ලෝක සත්ත්වයන්ටද මහා සෙතක් ශාන්තියක් සිදු කරන්නට අවශ්‍ය පරිසරය සකසා ගෙන ඇත. එලෙසම අවබෝධයෙන් යුතුව පුණ්‍ය කටයුතු සඳහා සහසම්බන්ධ වීමෙන් වඳින පුදන මොහොතක් මොහොතක් නෑර ඥාති හත්මුතු පරම්පරාව ඇතුළු දිව්‍ය බ්‍රහ්ම ආදී තැන් පටන් සියලු දෙනාටම දිව රෑ පිං උනන උල්පතක් මෙන් මහා ශාන්තියක් යහපතක් උදා කර දෙනු ඇත. මෙසේ අවබෝධයෙන් යුතුව ප්‍රසාද සිත් ඇති කරගෙන සෑම සියළුදෙනා ප්‍රඥාවන්තව කරුණා සිත් පෙරදැරිව තිහේතුක සිත් පහල කර ගනිත්වා…

සතිපට්ඨානඝර භාවනා මධ්‍යස්ථානයේ කඩිනමින් ඉදිකිරීමට යෝජිත නව ධර්මශාලා මන්දිරය ගොඩනැගීමේ සම්බන්ධිකරණ මෙන්ම සංවිධාන කටයුතු මුලසිටම “නැවතීම සොයා කළණ එකමුතුව” පින්වන්ත පිරිස සැදී පැහැදී කටයුතු කරන අතර, ඔවුන් සමඟ එකුතුවී
දායකත්වයක් දැරීමට සිතැත්තෝ සාධු නදින් සහසම්බන්ධ වෙත්වා…

පහත ලින්කුවෙන් අපවෙත එවිය යුතු තොරතුරු නව ධර්මශාලා මන්දිරය උදෙසා කල ආධාරයක් සම්බන්ධවනම් එම තොරතුරු mr.amilafernando@gmail.com යන ඊමේල් ලිපිනයට හෝ +39 329 697 5472 WhatsApp අංකයට යැවීමෙන් කටයුතු පහසුවනු ඇත.

දායකවීමට පිවිසෙන්න

සියලු සත්ත්වයෝ නිවනට ප්‍රත්‍ය පරිසරය සකසා ගැනීමෙන් නිවනින් නිවී සැනසෙත්වා…

නව ධර්මශාලා මන්දිරය ඉදිකිරීමේ මහා පුණ්‍යකර්මය උදෙසා දායකත්වය

Donations for The Construction of Dharma Shalawa

යෝජිත නව ධර්මශාලා මන්දිරයේ වර්ග අඩියක් සැදිමට වැයවන මුදල : රු 4000/-
Cost for one square feet : Rs 4000/-
Donations (SqFt)
Square Feets 31.62%
1 ft²

මුළු වර්ග අඩි ප්‍රමාණය
Total Square Feet
1 ft²

ආධාර කල වර්ග අඩි ප්‍රමාණය
Donated Square Feet
1 ft²

ඉතිරිව ඇති වර්ග අඩි ප්‍රමාණය
Available Square Feet

සතිපට්ඨානඝර භාවනා මධ්‍යස්ථානයේ කඩිනමින් ඉදිකිරීමට යෝජිත නව ධර්මශාලා මන්දිරය ගොඩනැගීමට සිතැත්තෝ සාධු නදින් සහසම්බන්ධ වෙත්වා…!

සතිපට්ඨාන බෝධිඝරය

මා නැති කල පුදනට ආනන්ද  –  මේ බෝ රජ ඇත ගුණ කඳ බැන්ද

බුදු වදනෙකි දෙසු මුව මකරන්ද  –  අපිත්  වඳිමු ජයසිරි බෝ කන්ද

සම්මා සම්බුද්ධත්වය සඳහා පාරමිතා ශක්තිය කැටිවෙමින් පහලවී වදාළ බෝධීන් වහන්සේ සෙවණේ පැනනැගුණු වජ්‍රාසනය මත වැඩ හිඳිමින්, දසමාර බලයන් පරාජයට පත්කර මහා බුද්ධ රාජ්‍යයට පත්වීම  සිහිකර සම්බුදු ගුණරුව ජීවමානව මැවෙන, මෙම මහා අටවිසි බුද්ධ බෝධි ප්‍රාකාරය අටවිසි බුදුපියාණන් වහන්සේලා උදෙසා මහා බුද්ධ මන්දිරයක් සාදා නිමකරනවා හා සමානව සියළු සත්ත්වයාගේ හිතසුව පිණිස ගොඩනගන්නට සුදානම් කර ඇති බැවින් මෙම මහා පුණ්‍යකර්මයට ශ්‍රම කඳුළකින් වේවා මිල මුදලකින් වේවා ඔබටත් දායකත්වයෙන් සහසම්බන්ධ වීමට හැකියාව ඇතිබව මෙසේ සිහිපත් කරමු. 

සියළු සත්ත්වයෝ නිවනින් නිවී සැනසෙත්වා …!!!

නේවාසික භාවනා කුටි ඉදිකිරීමේ මහා පිංකම

දැනටමත් සතිපට්ඨානඝර භාවනා මධ්‍යස්ථානයේ භාවනානුයෝගී ස්වාමින් වහන්සේලා උදෙසා භාවනා කුටි කිහිපයක් ඉදිකරමින් පවතින අතර කිහිපයක් පරිහරණය කිරීමද සිදුවේ.  තවත් ඉදිරියට පැමිණෙන පැවිදි උතුමන් මෙන්ම ගිහි පින්වතුන් උදෙසා තනි තනිව නේවාසිකව භාවනා කිරීමට සුදුසු ආකාරයට කායික පහසු විහරණය ගෙනෙන ලෙස භාවනා කුටි ඉදිකිරීමට බලාපොරොත්තු වේ. 

මෙම මහා උතුම් පිංකම උදෙසාද පිනට කැමති සිතැත්තෝ ප්‍රසාද සිතින් සහසම්බන්ධ වෙත්වා…

සතිපට්ඨාන ප්‍රවේශ මාර්ගය පිළිසකර කිරීමේ මහා පිංකම

යටිතල පහසුකම් සැපයීමේ පිංකමක ආනිශංශ බුදුපියාණන් වැඩසිටි කලද අසන්නට ලැබේ. පෙර කලෙක මගධ රට ‘මචලගම’ මඝ නම් තරුණයෙක් යහපත් ගුණයෙන් හා නුවණින් සම්පූර්ණ ව තවත් තරුණයන් තෙතිසක් සමඟ ස්වේච්ඡාවෙන් ම ශ්‍රමදාන කටයුතු අරඹා ගම රට දියුණු කරන්නට පටන් ගත් හ. ක්‍රීඩා භූමි ශුද්ධ පවිත්‍ර කිරීම, ළිං, පොකුණු සෑදීම, මං මාවත් ශුද්ධ පවිත්‍ර කොට ගමනාගමන පහසුකම් සැලසීමාදී පරාර්ථකාමී ව සේවය කරති. මෙවන් උතුම් සත්ක්‍රියාවන් පිළිබඳ ව නුරුස්නා සිතින් ක්‍රියා කළ ගම්මුදලිතැන රජතුමා ට ගතු කියා මඝමානවක ප්‍රධාන පිරිස රාජ උදහසට ලක්කොට රාජ දඬුවම ට යටත් කරවී ය.

එහෙත් මෙම පිරිසේ අවංක චේතනාවත්, සත්වතපද ගුණදම් ක්‍රියා කිරීම නිසාත් මුදලිගේ චෝදනා හිස් ප්‍රලාප බවට පත්ව එයින් රාජ උදහස ඔහුට ම අවුත් රාජ දඬුවම විඳින්නට සිදු විය.

නිවනට යනෙන මග බාධා දුරුවේවායි අධිටනින් භාවනානුයෝගී උතුමන් වාසය කරන සතිපට්ඨානඝර ප්‍රවේශ මාර්ගය පිළිසකර කිරීමේ පිංකමටද පිනට කැමති සිතැත්තෝ සහසම්බන්ධ වෙත්වා…!!!

ආරක්‍ෂිත වැට ඉදිකිරීමේ මහා පිංකම

මෙම මහා පුණ්‍ය භූමියට දෙස් විදෙස් රටවලින් පැමිණෙන සියළුදෙනාගේ මානසික පහසුව උදෙසාත්, භෞතික වට රැකවරණය නූතන සමාජ පරිසරයට අනුව අවශ්‍ය අංගයක් බවට නිර්මාණය වී ඇති නිසාත්, ස්ථානය බොහෝ කලක් නිරවුල්ව පවත්වා  ගෙනයාම උදෙසාත්, අනවසර ලෙස පැමිණෙන අවකල් ක්‍රියාකාරීන් පැමිණීමේ අවස්ථා මගහැරීම උදෙසාත්, සතිපට්ඨානඝරය භූමි සිමාවන් ආරක්‍ෂිත වැටකින් අරක්‍ෂා කිරීමට බලාපොරොත්තු වේ. මෙම පිංකමටද දායක වීමට සිතැත්තෝ හැකි ආකාරයකින් සහසම්බන්ධ වෙත්වා…!!!